Return to Home Page


Advertisements




free counters
free hit counter
free hit counter
Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශයට පරිඝනක විෂයක් ලෙස ඇතුළුකිරීම සාර්ථකද? ICT & GIT
#1
අදවනවිට පරිඝනක භාවිතය ඉතාම අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් වී හමාරය. ලොකු ‍කුඩා කොයි කවුරුත් අද තම වැඩ කටයුතු ක්‍රමාණුකූලව, පැහැදිලිව හා ඉක්මනට කර ගැනීමට පරිඝනක භාවිතා කරති. ඒත් ඒ ‍බොහෝවිට නාගරික ජනතාවය. තවම බොහෝ ගම්වලට පරිඝනක ව්‍යාප්තියක් දැකීමට නොහැකිය. පරිඝනක භාවිතය මෙතරම් වැදගත් තලයකට පත්ව ඇති නිසාම අද ලංකාවේ පාසල් විෂය නිර්දේශයට පවා පරිඝනක භාවිතය විෂයක් ලෙස ඇතුළුකර ඇත. අචවනවිට ලහි ලහියේ දුරබැහැර පළාත්වල පවා පරිඝනක විද්‍යාගාර රජයේ හා ‍නොයෙකුත් පෞද්ගලික ආයතන වල මැදිහත් වීමෙන් ඉදිකරගෙන යයි. මේවනවිට සියළුවිෂය නිර්දේශයන්ද සකස්කර අවසන්ය.

බොහෝ පාසල් වලට පරිඝනක විද්‍යාගාර පහසුකම්ද ලබා දී තිබේ. එහෙත් එම පාසල් වලින් කීයෙන් කීයකටද නියමිත සුදුසුකම් ඇති ගුරුවරු සිටින්නේ ළමුන්හට නිවැරදි පරිඝනක අධ්‍යාපනයක් ලබා දීමට? පරිඝනක විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කලද, එය ඉගැන්වීම සදහා රජය සුදුසුකම් ලත් ගුරුවරු බදවාගනු ලැබුවේද? නැත. ඔවුන්කලේ පාසලේ සිටින වෙනත් විෂයන් උගන්වන ගුරුවරු පරිඝනක ඉගැන්වීම සදහා යොමු කිරීමය. මෙසේ යොමුකල බොහෝ ගුරුවරුන්හට කිසිම පරිඝනක හැසිරවීම පිළිබද දැනුමක් නොතිබූ අතර ළමුන්හට ඉගැනවීමේදී ගුරුවරුද මහත් අපහසුතාවයකට පත්වේ. ගුරුවරුන් සදහා පසුව යම් පරිඝනක පිළිබද පාඨමාලාවන් සදහා යොමුකලද ඒවා සාර්ථකව අවසනකලද ඔවුනට පරිඝනක භාවිතයේදී අත්දැකීම් නොමැතිවීමෙන්ට දැන්ද ඉතා අපහසුතාවයකට පත්ව ඇත. බොහෝ දරුවන් පරිඝනක විෂයන් සදහා පෞද්ගලික පංති සදහා යෑම අනිවාර්ය කරුණක් වී ඇතතේ මේ නිසාය. පරිඝනක විෂයන් සදහා ‍අනෙක් විෂයන් මෙන් අයකරන මුදල මෙන් කීපගුණයක් අයකරන අතර එසේ කිරීමට සිදුවී ඇතතේ පරිඝනක අනෙක් විෂයන් වල මෙන් එක් පංතියකට දහස් ගණනක් ළමුන් දමාගෙන ඉගැන්වීම් කළ නොහැකි නිසාත්, පරිඝනක සදහා වැයවන විදුලිත් නිසාවෙනි. කෙසේ වෙතත් මුදල් ඇති පොහොසත් පවුල්වල ළමුන් සදහා මෙය ප්‍රශ්ණයක් නොවූවත් සාමාන්‍ය හා දුප්පත් පවුල්වල ළමුන් සදහා මෙ දැවැන්ත ප්‍රශ්ණයක් වී පවතී.

මෙම තත්වයට පිළියම් යෙදීමට රජයට විශාල වගකීමක් පවතී. ඔවුන් දැන්වත් ගුරුවරුන් බදවා ගන්නා විට පරිඝනක ඉගැන්වීම් සදහා සුදුසු ගුරුවරු වෙනමම බදවාගත යුතුය. දේශපාලන හා වෙනත් හිතවත් කම්මත පරිඝනක භාෂාව ඉගැන්වීම සදහා ගුරුවරු පත් නොකල යුතුය. පරිඝනක යනු සමාජ අධ්‍යයනය, ඉතිහාසය වැනි පොතක් බලාගෙල ඕනෑම අයකුට ඉගැන්විය හැකි විෂයක් නොවන අතර ළමුන්ට එම විෂයන් මෙන් කටපාඩම් කර ඉගෙනගත හැකි වීෂයක්ද නොවේ. එසේ හෙයින් අහිංසක දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් නොකර රජය මෙම ප්‍රශ්නය කෙරෙහි ඉක්මන් හා සාධාරණ විසදුමක් ලබා දීමට ක්‍රියාකල යුතුය.
 
Reply




#2
ආණ්ඩුවේ පාසල් බොහොමයක ඔය සීන් එක තමා වෙන්නේ. ගොඩක් ප්‍රස්ද්ධ පාසල් වලනම් හොද දක්ෂ පරිඝනක ගුරුවරු ඉන්නවා.
Reply




#3
Yes,I agree with you.
Reply






Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  freeeducation365.com නොමිලේ පාසල් පොත් හා උපකරණ බෙදා දීම 2017 cqruwan1200 0 97 01-01-2017, 06:28 PM
Last Post: cqruwan1200
  ඉනිදියාව සමග ගිවිසුමෙන් පසු ශ්‍රී ලංකාවේ පරිඝනක ක්ෂ්‍රේතයේ තත්වය Kivi 0 265 01-28-2016, 02:17 AM
Last Post: Kivi
  ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය. ලංකාවේ දේශ ද්‍රෝයෝ tinesh 0 792 03-10-2012, 09:16 PM
Last Post: tinesh
  පරිඝනකයක් යනු කුමක්ද? පරිඝනක නිර්වචනය නිවැරදිව ඉගෙනගමු regentblogs 1 1,167 01-27-2012, 12:05 AM
Last Post: Sarindasss
  පාසල් යන වයසේ ළමුන්ව දූෂණය කරලත් බේරෙන ලොකු ලොක්කෝ. සාධාරණය කෝ? IT Teacher 5 1,065 12-15-2011, 12:41 AM
Last Post: regentblogs
  පාසල් වෑන්රථ තුලදී ළමුන්ට සිදුවන අතවර වැලැක්වීමට කදිම පියවරක් Jhone Pala 3 862 12-25-2010, 02:25 AM
Last Post: regentblogs
  ඔබේ පරිඝනක‍ය වයිරස් වලින් නිසිආකාරයෙන් ආරක්ෂාකර ගන්නේ කෙසේද? regentblogs 0 843 12-21-2010, 10:23 PM
Last Post: regentblogs
  ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ අනාගතය. teacher 0 1,535 10-13-2010, 12:25 AM
Last Post: teacher

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)