Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

[-]
Freeeducation365 website
Freeeducation365 website,
No:630B,
Nedungamuwa,
Gampaha,
Sri Lanka.
Phone : 0711947000
info@freeeducation365.com

ඔබට වඩාත්ම ගැලපෙන පරිඝනකයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු
#1
අද බොහෝ විට පරිඝනක සම්බන්ධව වැඩි දැනුමක් නොමැති අය පරිඝනකයක් මිලදී ගැනීමට යෑමේදී මුහුණ දෙන වඩාත් විශාලම ප්‍රශ්ණය වන්නේ තමන්ට වඩාත්ම ගැලපෙන පරිඝනකයක් මිලදී ගන්නේ කෙසේද යන්නයි. ඔබට වඩාත්ම ගැලපෙන ආකාරයේ පරිඝනකය මිලදී ගැනීමට හැකි වීම ඔබට ඉතාමත් වැදගත් වන්නේය. මම මින් බලාපොරොත්තු වන්නේ ඔබට පරිඝනකයක් තෝරා ගැනීමේදී වඩාත් වැදගත්ම වන කාරණාවන් කිහිපයක් ගැන ඔබ දැනුවත් කිරීමයි.

1. පළමුවෙන්ම ඔබ සැලකිලිමත් විය යුතු කාරණය වන්නේ ඔබ පරිඝනකයක් මිලදී ගන්නේ එක් තැනක සිට භාවිතා කිරීමටද එහෙමත් නැත්නම් තැනින් තැනට ගෙනගොස් භාවිතා කිරීමටද යන්නයි. උදාහරණයක් ලෙස ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තුවන පරිඝනකය නිවසේ භාවිතය සදහා පමණක්නම් ලැප්ටොප් පරිඝනකයක් මිලදී ගැනීම පලක් නැත. ලැප්ටොප් පරිඝනක මිල අධික නිසාද, සාමාන්‍ය පරිඝනකයකට සාපේක්ෂව භාවිතය අපහසු නිසාද මෙවන් අවස්ථාවකදී ඔබ තෝරාගත යුත්තේ ‍ඩෙස්ක්ටොප් වර්ගයේ පරිඝනකයකි.

2. ඔබ පරිඝනකයෙන් කිරීම යන කාර්යයන් පිළිබදවද පරිඝනකයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු ඊළග විශේෂ කරුණ වේ. උදාහරණයක් ලෙස ඔබ සිදු කරනුයේ ලියුම් වැනි දේවල් ටයිප් කිරීම සහ ඉන්ටර් නෙට් ඊමේල් භාවිතය පමණක්නම් ඔබට ඉතා විශාල ධාරිතාවයකින් යුතු පරිඝනකයක් මිලදී ගැනීම අවශ්‍ය නොවේ. එහෙත් ඔබ විශාල ලෙස ග්‍රැෆික් නිර්මාණ සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා ගැලපෙන ධාරිතාවයෙන් වැඩි පරිඝනකයක් තෝරා ගත යුතුය.

3. ඔබ ඊලගට සැලකිලිමත් වියයුතු කරුණ වන්නේ පරිඝනකය හා උපාංග සදහා ලබාදෙනු ලබන වගකීම් කාලයයි. සාමාන්‍යයෙන් එක්ලස් කරන ලද පරිඝනක සදහා වසරේ සිට වසර තුනක් දක්වා වගකීමක් ලබා දෙන අතර බ්‍රෑන්ඩඩ් පරිඝනක සදහා වසර තුනේ සිට වසර පහ දක්වා වගකීම් කාලයක් ලබා දෙයි.

4. මීලගට සලකා බැලිය යුතු වැදගත් කරුණ වන්නේ පරිඝනකය සදහා නියමකර ඇති වටිනාකමයි. ඔබට මේ සම්බන්ධව ස්ථාන කිහිපයකින් මිල ගණන් රැගෙන සැසදීමෙන් මෙම කරුණ ගැන නිගමනය කල හැකියි.

5. අවසාන වශයෙන් ඔබ පරිඝනකය මිලදී ගන්නා ස්ථානයේ සිට ඇති දුර, එම වෙළදසැල කොතරම් කලක සිට පවතින්නේද යන කරුණු පිළබදවද සැලකිලිමත් විය යුතුය.

ඉහත ‍කරුණු වලට අමතරව මිලදී ගැනීමේදී ලබාදෙන අනෙකුත් සේවාවන් ගැනද සැලකිල්ලක් දැක්විය යුතුය

[Image: signature.gif]
Reply



#2
අළුතින් පරිඝනකයක් මිලදී ගැන්න අයට ඉතාමත් වැදගත් තොරතුරු ටිකක්.
Reply



#3
සල්ලි ගොඩක් තියනවනම් ඉතින් තියන හොදම ස්පීඩ්ම කම්පුටර් එක ගත්තට කමක් නෑ. කවුරුත් කැමති ඉතින් තියන හොදම කම්පියුටර් එක ගන්ඩනේ ඉතින්. විශේෂයෙන්ම ළමයි. ඒ උනාට සොෆ්ට්වෙයා දානකොටනම් අනවශ්‍ය සොෆ්ට්වෙයාර් දාගන්ඩ යන්ඩ එපා. එහෙම උනොත් ඒක කම්පියුටර් එකට අනවශ්‍ය බරක් වෙනවා.
[Image: signature.gif]
Reply



#4
I think we were going to buy a computer we want to get a super computer on the frist time ...
Reply





Forum Jump:


Users browsing this thread: 2 Guest(s)