Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

නට් ටාර්ට් සාදන්නේ කෙසේද?
#1
අවශ්‍ය ද්‍රව්‍ය

බටර් 375g
අයිසින් සීනි250g
පිටි 600g
බිත්තර 2
කජු,රට කජු, වෝල් නට් වැනි නට් වර්ග (මිශ්‍රව) 250g
සීනි 250g
වතුර ස්වල්පයක්
බ්‍රවුන් චොක්ලට්‍ 50g
වයිට් චොක්ලට් 50g

සාදන ආකාරය

බටර්,අයිසින්,සීනි,පිටි බිත්තර මිශ්‍ර කර හොදින් අනා ගන්න. දැන් මෙම මිශ්‍රනය ගැඹුරු කුඩා මෝල්ඩ් සහිත ට්‍රේ එකක පුරවා ගෙන සෙ.150˚උෂ්ණත්වයේ විනාඩි 10ක් පමණ පුලුස්සා ගන්න. දැන් මේවා මෝල්ඩ් එකෙන් ඉවත් කරගන්න. එවිට කුඩා කෝප්ප වැනි බිස්කට් කීපයක් හමුවේ. දැන් රට කජු, කජු ,වෝල් නට් භාජනයකට දමා හොදින් මිශ්‍ර කරන්න. සීනි හා වතුර කලවම් කර ලිප තබා හැදි ගාමින් රන්වන් පාට ඇලෙන සුලු උකු ද්‍රාවණයක් සාදා ගන්න. එකිනෙකට ඇලුණු නට් සහිත සීනි කැබලි කලින් සකසා ගත් කුඩා බිස්කට් කුහර වලට පුරවා ගන්න. චොක්ලට් උණුකර එක පසෙකට දුඹුරු පාට ඉරි ටිකක්ද අනෙක් පසට සුදු පාට චොක්ලට් වලින් ඉරි ටිකක්ද දමා සරසා ගන්න.
Reply





Forum Jump:


Users browsing this thread: 1 Guest(s)