Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

පාසල් යන වයසේ ළමුන්ව දූෂණය කරලත් බේරෙන ලොකු ලොක්කෝ. සාධාරණය කෝ?
#1
බලහත්කාරයෙන් තරුණියකට අතවර කිරීම සැකකරුවන් පිරිස 28 දා දක්‌වා රිමාන්ඩ්

නවාතැන්පළේ සේවකයාට පමණක්‌ ලක්‌ෂ 2 ක ශරීර ඇප

සදාචාරාත්මක ජන සමාජයක කිසිසේත් සිදු නොවිය යුත්තක්‌ මේ සිදුව තිබෙන්නේ. උගත් නීතිඥ මහත්මයකු දූෂණයට ලක්‌වූ දැරිය ළමයකු ලෙස හඳුන්වන්න අකමැති වීම ගැන මම කනගාටු වෙනවා යෑයි මාවනැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ඊ. එම්. මුතුබණ්‌ඩා ඒකනායක මහතා මාවනැල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ දී පැවසීය.

පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් කෑගල්ල නගරයේ නවාතැන්පළකදී සහ මාවනැල්ල අංවාරම ප්‍රදේශයේ ලැගුම්හලකදී බලහත්කාරයෙන් රඳවාගෙන 17 හැවිරිදි තරුණියකට තර්ජනය කර බියවද්දා දූෂණය කරන ලද සිද්ධියේ සැකකරුවන් 11 දෙනකු මාවනැල්ල මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු එස්‌. යූ. බී. කරල්ලියද්ද මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් ඇප මත මුදාහැරීමට විරෝධය පළකරමින් ඒ මහතා කරුණු දැක්‌විය.

ලෝක ළමා ප්‍රඥප්තිය හා ජාතික ළමා ආරක්‌ෂක අධිකාරි පනත අනුව වයස අවුරුදු 18 ට අඩු තැනැත්තන් ළමයින් ලෙස හඳුන්වනවා. මෙම දැරිය දූෂණය කරන්න සම්බන්ධ පුද්ගලයන් දසදෙනා ගෙන් එක්‌ අයෙක්‌ පමණයි මම දන්නා තරමින් අවිවාහක අයෙකුට සිටින්නේ. සැකකරුවන් නව දෙනෙකුම විවාහක අයයි. පොලිසියෙන් සහ ගරු අධිකරණයෙන් සාධාරණය ඉටුවන තෙක්‌ ජනතාව බලා සිටිනවා. මේ සිදුවීම මුල් කරගෙන මහජන කැළඹීමක්‌ ඇති වීමට ඉඩ තිබෙනවා.

නීතිඥ උපුල් ජයසූරිය මහතා - ලෝකයේ පැරැණිම වෘත්තිය වන ගණිකා වෘත්තිය මැය තෝරාගෙන තිබෙනවා. බලහත්කාරයෙන් රඳවාගෙන මෙම තරුණිය දූෂණය කළා නම් මාවනැල්ල නගරයේ කඩ සාප්පුවකට පුද්ගලයකු සමග පැමිණ රුපියල් 6000 පමණ භාණ්‌ඩ මිලදී ගන්නේ කෙසේද? සබරගමුව පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස මාගේ සේවාදායකයාට අධිකරණය මඟහරින්න කිසිදු ඕනකමක්‌ නැහැ. සුදුසු ඇප කොන්දේසියක්‌ මත මුදාහරින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී ඉදිරිපත් කළ කරුණ සැලකිල්ලට ගත් දිසා විනිසුරු එස්‌. යූ. බී. කරල්ලියද්ද මහතා නවාතැන්පළේ සේවකයකු වන මනුකුලසූරියගේ කරුණානායක නමැත්තා රුපියල ලක්‌ෂය බැගින් වටිනා ශරීර ඇප දෙකක්‌ මත මුදාහරින ලෙසත්, සෙසු සැකකරුවන් දෙසැම්බර් 28 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසත් නියෝග කළේය.

මෙම සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ටයිටස්‌ මනතුංග, නීතිඥ නිමල් ජයසිංහ, නීතිඥ සරත් බණ්‌ඩාර, නීතිඥ අසෝක ජයවීර, නීතිඥ කණිෂ්ක බණ්‌ඩාර වීදියගෙදර, නීතිඥ ක්‍රිෂාන්ත හේරත් යන මහත්වරුන් සමග නීතිඥවරු 14 දෙනෙක්‌ පෙනී සිටියහ.

Source https://www.divaina.com/2010/12/18/news06.html
Reply



#2
[/color]
ඕවා ගැන කථාකරලා වැඩක් නෑ. අඩුම ගානේ ඕකුන්ගේ ෆොටෝවත් පත්තර වල දාන්ඩ ඕන අනිත් මිනිස්සුන්ට ඔකුන්ව දැනගෙන දමන්ගේ දරුවන්ව ප්‍රවේසම් කරගන්ඩවත් පුළුවන්නේ එතකොට ඕකුන්ගෙන්. පත්තර වල දාන්ඩ ඕන කාමුක ජවනිකාවල ඉන්න අයගේ ෆොටෝ නෙමේ. මේ වගේ ළමයි, කාන්තාවන් දූෂණ්‍ය කරන උන්ගේ ෆොටෝ. මුන්නම් මහම මහ අදම තිරිසන් යක්කු. මුන්ට රජකාලේ දඩුවම් දෙන්ඩ ඕන. මුන්ව බේර ගන්නඩත් නීතිඥයො පෙනී හිටිනවනේ අම්මපා.
Reply



#3
Yes,I agree with u.
Reply



#4
Mama hithuwe IT Teacher danne IT Articles Kiyala. Balanakota Mu danne mewane...
 
Reply



#5
(01-23-2011, 01:14 AM)regentblogs Wrote:  Mama hithuwe IT Teacher danne IT Articles Kiyala. Balanakota Mu danne mewane...

IT ඒවත් දාන්නං පොඩ්ඩක් හිටපන්

Reply



#6
(01-23-2011, 02:05 AM)IT Teacher Wrote:  
(01-23-2011, 01:14 AM)regentblogs Wrote:  Mama hithuwe IT Teacher danne IT Articles Kiyala. Balanakota Mu danne mewane...

IT ඒවත් දාන්නං පොඩ්ඩක් හිටපන්

දාපන්කෝ ඉතින්

 
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  freeeducation365.com නොමිලේ පාසල් පොත් හා උපකරණ බෙදා දීම 2017 cqruwan1200 0 295 01-01-2017, 06:28 PM
Last Post: cqruwan1200
  ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශයට පරිඝනක විෂයක් ලෙස ඇතුළුකිරීම සාර්ථකද? ICT & GIT regentblogs 2 1,270 01-21-2011, 12:23 AM
Last Post: waruni Basnayake
  පාසල් වෑන්රථ තුලදී ළමුන්ට සිදුවන අතවර වැලැක්වීමට කදිම පියවරක් Jhone Pala 3 1,018 12-25-2010, 02:25 AM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)